රිය අනතුරකින් පසු පලා යාම, පොලිසියට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, අධිකරණය නොමගයැවීම ඇතුළු චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ ඉදිරියේ විවෘත අධිකරණයේ දී අධිචෝදනා කියවා භාරදී තිබේ.
කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමිපික රණවකගේ නීතිඥයින් මූලික විරෝධතා මතු කර ඇති අතර ඒ පිළිබඳව විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.
පසුගිය 2016 පෙබරවාරි මස 28 වන දින රාත්‍රීයේ රාජගිරිය ජානාධිපති විද්‍යාලය ආසන්නයේදී, මෙරට පොදු මහාමාර්ගවල ධාවනයට අවසර නැති යතු පැදියක් පාඨලී චම්පික මහතා පදවාගෙන පැමිණි රථයේ ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව තිබූ අතර යතුරුපැදිය පදවාගෙන පැමිණි සන්දීප් සම්පත් නැමති තරුණයා ඉන් අබාධිත තත්වයට පත්විය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී චම්පික රණවක මහතා අවශ්‍ය නීතිමය කටයුතුවට මැදිහත් නොවී පලාගිය අතර පසුව සාක්ෂිද වෙනස් කර තිබිණි.














