පාස්කු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් මේ මොහොතේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට හිටපු ජනාධිපති මෛතිපාල සිරිසේන තීරණය කර ඇතැයි වාර්තා වේ.
දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ “ඕනෑම කෙනෙකුට කැමති දෙයක් කියන්න පුලුවන්. ඒත් හිටපු ජනාධිපතිවරයාට පාස්කු කොමිසමෙන් නඟා ඇති චෝදනාවලට මේ වෙලාවේ උත්තර දෙන්න යන්නේ නැහැ” යනුවෙනි.
2019 අප්‍රේල් 21 දා සිදුවූ පාස්කු පාහාර මාලාව පිටුපස සිටි සැබෑ හස්තය සොයා ගැනීම අරමුණු කොටගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිධුරය දරණ සමයේ පාස්කු කොමිෂම පිහිටුවනු ලැබීය.
පසුගියදා පාර්ලිමේන්තුවට නිකුත් කර තිබු පාස්කු කොමිෂන් වාර්තාවට අනුව පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොයෙදීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස පාස්කු කොමිෂන් කමිටුව විසින් නිරිදේශ කර ඇත.










