ඔක්සිජන් දුන්නට එයාට අසාධ්‍ය නැහැ – පවිත්‍රාගේ සැමියා කියයි

ඔක්සිජන් දුන්නට එයාට අසාධ්‍ය නැහැ – පවිත්‍රාගේ සැමියා කියයි

කොළඹ IDH රෝහල වෙත හදිසියේ මාරුකර යැවූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඇතිවූ යම් ස්වසන අපහසුතා හේතුවෙන් බාහිරව ඔක්සිජන් ලබා දුන්නද ඇය අසාධ්‍ය තත්වයක නැති බව ඇමතිනියගේ ස්වාමිපුරුෂයා වන කාන්චන ජයරත්න පවසයි.

කටුකුරුන්ද ජෝන් කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇමතිනියට උණ වැඩිවී ස්වසන අපහසුතාවයක් ඇතිවීම නිසා වෛද්‍යවරුන් විසින් ඇයව කොළඹ IDH රෝහලට මාරුකර එවූ බව ඇමතිනියගේ ස්වාමිපුරුෂයා වැඩිදුරටත් පවසයි.

“ඇය ස්වසන ආධාරක මත තමයි ඉන්නේ. ඒත් ඇය වේගයෙන් සුව වෙමින් සිටිනවා” ඇමතිනියගේ ස්වාමිපුරුෂයා පවසයි.

Facebook
Twitter
LinkedIn