රනිලුත් එපා – සජිතුත් එපා

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් එ.ජා.ප. ය සහ සමගි ජන බලවේගය සමඟි වී හිටපු කතානායක කරු ජයසූරිය වැනි නව නායකයෙකු යටතේ ප්‍රතිසංවිධානය විය යුතු බවටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙක් පවසයි.

එ.ජා.ප. යේ හිටපු ජාතික සංවිධායක නවින් දිසානායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග විසින් මාධ්‍ය හමුවක් කැඳවා වැඩිදුරටත් පවසා සිටියේ අලියාට හෝ ටෙලිෆෝනයට චන්දය නොදුන් මිලියන දෙකක් පමණ වන එක්සත් ජාතික පාක්ෂිකයන්ව යළි පක්ෂය වෙත කැදවාගෙන ඒම ඉලක්ක කරමින් තමන් මෙම යෝජනාව කරන බවයි.

සිය පියාණන් වන දිවංගත ගාමිණි දිසානායකද එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම ගමනක් යාමට උත්සාහ කලත් පසුව යථාර්ථය තේරුම් ගෙන නැවත පක්ෂය හා එක්වූ බව පැවසූ නවීන් දිසානායක හිටපු අගමැතිවරයා මෙන්ම සමගි ජන බලවේගයේ නායකයන්ද එය තේරුම් ගත යුතුව ඇතැයි පවසයි.

Facebook
Twitter
LinkedIn