කොරෝනා පැතිරීම වේගයෙන් ඉහළට ඒත් පාලනයෙන් හොඳම රටවල් 10 අතරලු

කොරෝනා පැතිරීම වේගයෙන් ඉහළට ඒත් පාලනයෙන් හොඳම රටවල් 10 අතරලු

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ලොව හොඳම රටවල් 10 අතර, ශ්‍රී ලංකාව සිටින බව ආණ්ඩුව සහ ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කළ ද පසුගිය ඔක්තෝබර් මාසය ආරම්භ වන විට රෝගය පැතිරීම සම්බන්ධයෙන් 118 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට ආසාදිතයන් සහ එයින් මිය ගිය රටවල් අතර 91 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.

ඊයේ (28) දිනය අවසන් වන විට ආසාදිතයින් 852ක් අලුතින් හඳුනාගන්නා ලද බව මෙරට නිල නිවේදනවල සඳහන් වෙයි. එහෙත් ජාත්‍යන්තර නිල නිවේදනවල සඳහන් වන්නේ එම සංඛ්‍යාව 892ක් බවය. ඊයේ දිනය නිමාවන විට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 61586ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, ඉන් මියගිය සංඛ්‍යාව 297ක් වී 300 සීමාව ආසන්නයට ළඟා වී තිබිණි.

Facebook
Twitter
LinkedIn