ජනාධිපතිවරයා පසුගිය දා ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට එල්ල කළ ප්‍රහාරාත්මක චෝදනා නිසා එහි අභ්‍යන්තරයේ පවතින දැඩි පීඩනය තවදුරටත් හෙළිවෙමින් තිබේ.
ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම සංගමයේ සම ලේකම් සුදත් ද සිල්වා කළ ප්‍රකාශයකින් මේ බව අනාවරණය වේ. “මේකෙ ඉන්න සියලු නිලධාරීන් එලවලා හරි මේ දේ කරනවා කිව්වාම මේ නිලධාරීන්ට යම් චිත්ත පීඩාවක් එනවා. යම් ප්‍රතික්‍රියා යෙදෙනවා.“ යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
මේ අතර රේගුවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ජනාධිපතිවරයාට යෝජනාවලියක් භාරදී තිබෙන බව සම ලේකම්වරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත. එම යෝජනාවලිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා විසින් 28 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කරන ලද බවත්, එම කමිටුවෙන් කිසිදු සෙතක් මේ දක්වා සිදුවී නැති බවත්, ඔහු හෙළිකර තිබේ.
සම ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වී තිබෙන්නේ ජනාධිපතිවරයා විසින්ම පත්කරන ඉතා විශාල සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින කමිටුවලින් කිසිදු ප්‍රතිඵලයක් සිදු නොවන බවය.










