දයා රත්නායක ඇත්ත වමාරයි

දයා රත්නායක ඇත්ත වමාරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජනරාල් දයා රත්නායකගෙන් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් රාවය පුවත්පත කළ විමසීමකදී ”දියුණු කරන්න නම් ලංකාවම විකුණන්නම ඕනෑ.”යනුවෙන් ප‍්‍රකාශ කර තිබේ.

සභාපතිවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් වෘත්තීය සමිති ගෙන යන ක්‍රියාමාර්ග හමුවේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අසමත්භාවය හෙළිවී ඇත. රාවය කළ විමසීමේදී සභාපතිවරයා කර තිබෙන ප‍්‍රකාශය මෙසේය. ”ශ්‍රී ලංකාව වැනි රටක සිටින දේශපාලකයන් සහ මාධ්‍යකරුවන් සමග රටක් දියුණු කිරීම අපහසු බැවින් වඩා යහපත් වන්නේ රටම විකිණීම බවද ඔහු වැඩිදුරටත් කීවේය.” යනුවෙන් රාවය එම ප‍්‍රවෘත්තිය පළ කර තිබේ.

මෙම ප‍්‍රකාශයෙන් විශ‍්‍රාමික ජනරාල් දයා රත්නායක වරාය අධිකාරියේ සභාපති වශයෙන් ක්‍රියාකිරීම අසාර්ථක වී ඇති බව තහවුරු වේ. එසේම ජනාධිපතිවරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්කරන ලද විශ‍්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියද අසමත් වී ඇති බව ජනාධිපතිවරයා විසින්ම පසුගිය සතියේ හෙළිකරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn