කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහිලා ..

කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහිලා ..

ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් රටේ බොහෝ පුදේශවල කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහි ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.බාලසුරිය පවසයි.

කොරෝනා වැලැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදින්නේ නැතිව වගකීම් විරහිතව හැසිරෙන ජනතාව දකින විට සෞඛ්‍ය සේවකයන් ලෙස තමන්ට බලවත් කනස්සල්ලක් දැනෙන බව පවසන එම සංගමයේ සභාපතිවරයා විධිමත් ලෙස කරන කොරෝනා එන්නත්කරණ වැඩසටහන මගින් රෝගය පාලනය කරගත හැකිවනු ඇතැයි විශ්වාසය පල කරයි.

Facebook
Twitter
LinkedIn