කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව පිහිටුවාගෙන තිබෙන පෙරමුණ විසින් හෙට (29) සිට අඛණ්ඩ වෘත්තීය අරගල ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශීයකරණයට එරෙහිව ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම අරගලය මෙහෙයවයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් අද (28) දිනයේදී මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් හමුවී ඇත.
මෙම කරුණු පැහැදිලි කිරීමෙන් පසු හෙට සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩිකිරීමට සැලසුම්කර තිබේ. මේ අතර අද දින ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහ මන්ත්‍රීවරුන් සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට යොදාගෙන තිබේ. ලබන සඳුඳාා (01) මෙම විකිණීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබේ.










