පාර්ලිමේන්තු පොකුර තවත් වැඩිවෙයි… අරුන්දිකටත් කොරෝනා…

පාර්ලිමේන්තු පොකුර තවත් වැඩිවෙයි… අරුන්දිකටත් කොරෝනා…

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ටත් දයාසිරි ජයසේකර සහ පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ටත් රවුෆ් හකීම් සහ වසන්ත යාපා බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් ආසාදනය වී තිබේ.

ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තු පොකුරෙන් වාර්තා වූ 7 වැනි ආසාදිතයා ය.

Facebook
Twitter
LinkedIn