එජාප තනතුරු නවීන් ට එපා වෙයි

එජාප තනතුරු නවීන් ට එපා වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පක්ෂ නායකයා වෙත ලිපියක් යොමු කරමින් තමන් එම තනතුරුන් ඉවත් වන බව දන්වා තිබේ.

පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට යොමුකර ඇති ලිපියේ දක්වා ඇත්තේ ජාතික සංවිධායක ධුරය වෙනත් සුදුසු පුද්ගලයෙකුට ලබා දෙන ලෙස තමාගේ විරුද්ධත්වයක් නොමැති බවයි. ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වුවත් එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් නායකයා ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn