තවත් ආසාදිතයන් 354ක් – අද සමස්ත ගණන 737ක්

තවත් ආසාදිතයන් 354ක් – අද සමස්ත ගණන 737ක්

අද (25) දිනයට මේ වනවිට තවත් කොවිඩ් – 19 සාදිතයින් 384දෙනෙකු මෙරටින් වාර්තාවී ති⁣බේ. ඒ අනුව අද දිනට මෙරටින් ආසාදිතයින් 737ක් වාර්තා වී ඇත.

එම ආසාදිතයින් සියලු දෙනා වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 55,288ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 8,547 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 59,167කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 287කි.

Facebook
Twitter
LinkedIn