නාවික හමුදා අත්අඩංඟුවටගත් ඉන්දීය ධීවරයාටත් කොරෝනා

නාවික හමුදා අත්අඩංඟුවටගත් ඉන්දීය ධීවරයාටත් කොරෝනා

පසුගිය 09 වනදා උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින්, නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා යොමුකළ ඉන්දීය ජාතික ධීවර කාර්මිකයාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.

එහිදී ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංග්‍රවට ගෙන සිය භාරයට ගෙන තිබිණි.

පසුව ඔවුන්ව දින 14ක කාලසීමාවක් නිරෝධායනය සඳහා යොමුකිරීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්‍ෂණයේදී එක් අයෙකුට කොව්ඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පසුව ආසාදිත ඉන්දීය ජාතිකයා ප්‍රතිකාර සඳහා කිලිනොච්චියේ ක්‍රිෂ්ණපුරම් හි පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුතර තිබේ.

ඉතිරි ඉන්දීය ජාතිකයින් 08දෙනා තවත් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු ඇත.

Facebook
Twitter
LinkedIn