අද මේ රටේ ව්‍යවස්ථාදායකයටත්, අධිකරණයටත් වඩා උත්තරීතර වෙලා තියෙන්නෙ බහු ජාතික සමාගම්, හෙට අනිද්දා ජේම්ස් පැකර්ලාත් වැඩට බැස්සාම මේ රට බහුජාතික සමාගම්වලින් පාලනය කරන කොදෙව්වක් බවට පත්වෙනවා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය පිළිබඳ නඩුවේදී අධිකරණය තීන්දු කරනවා උත්තරීතර වන්නේ අධිකරණය නොවෙයි පාර්ලිමේන්තුවය කියා. සිගරැට් බහාලුමේ රූපමය අවවාද සියයට 80ක් තිබිය යුතුය කියා පාර්ලිමේන්තුව ඒකච්ඡන්දයෙන් තීන්දු කළාම අධිකරණ නියෝගයන් එනවා නැහැ සියයට 50 – 60ත් අතර රූපමය අවවාද තිබීම ප්‍රමාණවත් කියලා. මේ නිසා ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ ගැටලුවක් පැන නැගී ඇතැයි ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍යයට පැවසීය.
ඒ මහතා තවදුරටත් මෙසේද පැවැසීය.
දුම්පානයෙන් වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 22,000 දක්වා ඉහළ නැඟ ඇති රටක මේ සම්බන්ධව ඉහළ උනන්දුවක් ඇති සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා දැන් කළ යුතුව තිබෙන්නේ රූපමය සෞඛ්‍ය අවවාද සිගරැට් බහාලුම්වල ඇතුළත් විය යුතුය යන්න නෛතික වශයෙන් සහතික කෙරෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එම පනත ඒකච්ඡන්දයෙන් සම්මතවීම පිළිබඳ කිසිදු ගැටලුවක් මතු වෙන්නෙ නෑ.









