නීති විරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූවේ යැයි කියමින් තවත් ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු ටොන් දෙකකට අධික මත්ස්‍ය අස්වැන්නක්ද සමග ඉන්දීය වෙරළ ආක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන චෙන්නායි පුලිකට් වෙරළ තීරයට රැගෙන ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා චෙන්නායි වරාය වෙත ගෙනවිත් ඉන්දීය පොලීසිය වෙත භාරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය දින ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ බව කියමින් ශ්‍රී ලාංකික ධීවරයින් තිස් එක් දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුණි.
Views: 0









