දෙරණ නාලිකාවේ “දෙරණට අරුණ” වැඩ සටහන ඔස්සේ වෙබ් අඩවිවල ඇති පුවත් ගෙනහැර දක්වා ජනතාව දැනුවත් කරමින් වෙබ් මාධ්‍ය හා එම මාධ්‍යවේදීන් දිරිගැන්වීම සම්බන්ධයෙන් ස්තූතිය හා ගෞරවය පුද කරමින් වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එම නාලිකාව වෙත ලිපියක් යොමු කර ඇත.
‘අනෙකුත් මාධ්‍ය විසින් වෙබ් අඩවිවල පළවන පුවත් සඳහා නිසි ඇගයීමක් ලබා නොදෙන සමයක ඔබ ආයතනය විසින් සිදුකරන ලද එඩිතර හා ධෛර්යවන්ත ක්‍රියා කලාපය ඇත්තෙන්ම පැසසිය යුත්තකි‘ යනුවෙන්ද එහි සඳහන් වේ.
එම වැඩසටහන ගෙනයනු ලබන්නේ දෙරණෙහි චතුර අල්විස් මහතා විසිනි.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් යොමු කර ඇති ලිපිය පහත පරිදිය.

Views: 0









