වැලිකඩ බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් පසු රැඳවියන් තිදෙනෙකු අතුරුදහන් වී ඇතැයි වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා පසුගියදා තහවුරු කර සිටියත් මේ වනවිට රැඳවියන් පස් දෙනෙකු ආගිය අතක් නැති බව අනාවරණය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බන්ධනාගාරය සතුව තිබු ගිනි අවි 4ක් ද අතුරුදන් ඇත. එය සොසා ගැනීමට මේ වනවිටත් හැකිවී නැත.
එසේ අතුරුදහන් වු රැඳවියන්ගෙන් සිව්දෙනෙකු වරදකරුවන් බවත් එක් අයෙකු සැකකරුවෙකු බවත් අනාවරණය වී තිබේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කමිටුව ඊයේ (12) සිට සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවත් වාර්තාවේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධියෙන් මියගිය තවත් 11දෙනෙකුගේ මළ සිරුරුවලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබේ.
ඒ අනුව අනෙක් මළ සිරුරු 05 භාර ගැනීමට මෙතෙක් ඥාතීන් පැමිණ නොමැති බවත් වාර්තා වේ.
අශ්රිත පුවත්









