(තෙවන සංස්කරණය) වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් වෙතින් සහ බන්ධනාගාරය පිටත සිටින ආරක්ෂක අංශ වෙතින් මීට මද වේලාවකට පෙර වෙඩි වර්ෂාවක් එල්ලවූ බව වාර්තාවේ.
මේ වනවිටත් කඩින් කඩ වෙඩිතබාගැනීම් සිදුවේ.
අද පස්වරු 6.25 පමණ වනවිට බන්ධනාගාර වහලයේ සිටින සිරකරුවන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇත.
මේ වනවිට බේස්ලයින් මාර්ගයේ එක් මන්තීරුවක් වසා දමා ඇති අතර තුවාල කරුවන් 13දෙනෙකු රෝහල්ගත කර තිබේ. වෙඩි වැදීමෙන් හා ගල් ප්රහාරවලින් තුවාල ලැබූවන් ඒ අතර සිටිති. පොලිස් විශේෂ කාර්ය බලකායේ 06ක්, සිරකරුවන් 02ක්, එක් මාධ්යවේදියෙක් සහ බන්ධනාගාර නියාමකවරු 03දෙනෙක් ද කොළඹ ජාතික රෝහලට අතුළත් කරනු ලැබ සිටිති.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්ය පොලිස්පති ආර්. ඩබ්ලිව්. එම්. සී. රණවන මහතාට හා ප්රධාන පොලිස් පරික්ෂක දිමුතු සමරනායක මහතාටද මෙහිදී වෙඩි වැදි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ආශ්රිත පුවත්









