‘‘සිරකරුවෝ මනුෂ්‍යයෝය’’ කිව්වට ආණ්ඩුව එහෙම සලකන්නේ නැහැ – ටිල්වින් සිල්වා

‘‘සිරකරුවෝ මනුෂ්‍යයෝය’’ කියා කියමනක් තිබෙන බවත් එය වැලිකඩ සිර‍ගෙදර තාප්පයේ ලොකු අකුරි ගසා ඇති නමුත් වත්මන් ආණ්ඩු සරකරුවන්ට සලකන්නේ මනුෂයන්‍ට සලකන ආකාරයට නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් ජ.වි.පෙ ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍යවේදී ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමිණි. ප්‍රධාන ලේකම් වරයා එහිදී ලබාදුන් සම්පූර්ණ පිළිතුර පහත පළවේ.

“වැලිකඩ සිද්ධිය ඉතා කණගාටුදායක එකක්. මේවන විටත් අප විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බන්ධනාගාරය පාලනයට මැදිහත් නොවිය යුතු පිරිසක් විසින් මැදිහත් වීම නිසා මෙවැනි සිද්ධියක් ඇතිවුණා. බන්ධනාගාරය තුළ සිටින්නේ විශේෂ පුද්ගලයින් පිරිසක්. අධිකරණයෙන් වැරදිකරුවන් වූ සහ යම් යම් වැරදි සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයින් තමයි එහි රඳවා සිටින්නේ. එහි 4,000ක පමණ පිරිසක් සිටින බව පැවසෙනවා. එවැනි තැනකට විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදවා පරීක්‍ෂා කිරීමේදී කළබලකාරී තත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකියි. මීට කලිනුත් මෙවැනිම සිද්ධියක් සිදුවුණා. අවසානයේදී සිදුවුණේ මිනිස් ජීවිත 40කට ආසන්න ප‍්‍රමාණයක් විනාශ වෙලා. ‘‘සිරකරුවෝ මනුෂ්‍යයෝය’’ කිව්වට මේ ආණ්ඩුව ඔවුන්ට මිනිසුන් ලෙස සලකන්නේ නැහැ. ආණ්ඩුවට මානසික රෝගයක් වැළඳිලා තියෙනවා. හැම කටයුත්තටම හමුදාව යෙදවීම එම රෝගයයි. කානු සුද්ද කරන්න, මල් හිටවන්න, ඉදිකිරීම් වලට, මල් වලට වතුර දාන්න, හැම දේටම හමුදාව යොදවනවා. සිරකරුවන් සෝදිසි කිරීමට යොදවන්නේ හමුදාව. එක අතකින් එය හමුදාවටත් කරන අගෞරවයක්.  බන්ධනාගාරය තුළ නීති විරෝධී දේ තියෙන්න පුළුවන්. ඒවා පාලනය කළ යුත්තේ ඒ සඳහා සුවිශේෂී පුහුණුවක් සහිත සිරකරුවන් පිළිබඳ අවබෝධයක් සහිත බන්ධනාගාර නිළධාරීන්. නමුත් ආණ්ඩුවේ මෙම මෝඩ වැඩ නිසා අවසානයේදී සිදුවුණේ ජීවිත ගණනාවක් නාස්ති වීම පමණයි.”

අශ්‍රිත පුවත්

වැලිකඩ බන්ධනාගාරයට කඳුළු ගෑස්

වැලිකඩ රැඳවියෝ අවිගාරයට කඩාපනිති

බන්ධනාගාරයේ වෙඩි වර්ෂාවක්

පැනගිය රැඳවියන් දෙදෙනෙක් අල්ලයි

මරණ 27යි – ගිනි අවි 06ක් සමග රැඳවියන් 06ක් අතුරුදහන්

මෘත ශරීරාගාරයට ඥාතීහු පිරෙති

ද්විත්ව භික්ෂු ඝාතනයේ මංජු ශ්‍රීත් මියගිය අය අතර – කන්ගැට්ටාත් මියගියාදැයි සැකයක්?

ජීවත්ව සිටින රැඳවියන් නොමරා මරයි

රැඳවියන් 18කගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්