පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසු රැඳවියන් 11දෙනෙකුගේ දේහයන් ඊයේ පස්වරුවේ ඥතීන්ට භාරදී තිබේ.
වැලිකඩ ගැටුම්වලින් මියගිය රැඳවියන් 27 දෙනකුගේ මූලික මහෙස්ත්රාත් පරීක්ෂණ අලුත්කඩේ මහෙස්ත්රාත් ජී. පී. එස්. රණසිංහ මහත්මිය හමුවේ පෙරේදා (10) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වූ අතර මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම මෘතදේහ ඥතීන්ට භාර දෙන ලෙස මහෙස්ත්රාත්වරිය පොලිසියට නියෝග කර ඇත.
ඒ අනුව ඥතීන් වසින් හඳුනාගත් මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (11) අධිකරණ කාර්යාලයේදී පවත්වා තිබේ.
එම පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්ය නිලධාරීවරුන් වන අජිත් තෙන්නකෝන්, දසනායක, එච්. ඩී. සී. අප්පුහාමි, සුපියාන්, එම්. එන්. ජුසාර් යන මහත්ම මහත්මීන් විසින් සිදු කර ඇත.
කෙසේ නමුත් එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී එලඹි නිගමනයන් පිළිබඳව මෙතෙක් කිසිඳු වගකිවයුතු නිලධාරියෙකු හෝ බලධාරියෙකු විවෘත ප්රකාශයක් සිදුකර නොමැත.

අශ්රිත පුවත්









