අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව මේ වනවිට ඉදිරපත් කර ඇති දෝෂාභියෝගයට පක්ෂපාතීව අත්සන් තබා ඇති කිසිදු මන්ත්රීවරයෙකු දෝෂාභියෝගයේ අඩංගු චෝදනා කිසිවක් නොදන්නා බවත් ඔවුන් එයට අත්සන් තබා ඇත්තේ හොඳින් කියවා බලා නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූමේ මේ වනවිටත් (10.35) ජවිපෙ ප්රධාන කාර්යාලයේ පැවැත්වෙමින් තිබෙන මාධ්ය හමුව අමතමිණි.
තවදුරටත් අදහස් දක්වමින් සිටින ඒ මහතා ඉහත කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසූවේ අදාළ චෝදනා සියල්ලම බැලූ බැල්මටම සාවද්ය චෝදනා බව තේරුම් යන බවත් එහි අඩංගු බොහෝ කරුණුවල දින වකවානු පරස්පර බවයි. ආණ්ඩුවට අගවිනිසුරුවරියට එරෙහිව දොෂාභියෝගයක් ගෙන ඒමට තිබූ තදියමේ, හදිසියේ තරම මෙයින් පෙණෙන බවත් අත්සන් කළ මන්ත්රීවරුන් 117දෙනාගෙන් එක් අයෙකු හෝ හොඳින් කියවා බැලුවේනම් මෙහි දෝෂයන් තේරුම් යන බවත් ඔවුන් කිසිවෙකු එය කියවා නොමැති බව එයින් තේරුම් යන බවත් පැවසීය.
ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්
දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD
දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්රනාන්දු
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට
අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ
දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි
චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි
කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා
මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි
අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්ය උගුලක්
අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්
විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා
ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ









