වැඩබලන අග්‍ර විනිශ්චයකාරව‍රයෙක් පත් කිරීම නීති විරෝධියි – ජේ‍්‍යෂ්ඨ නීතිඥ කේ. හේරත්

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග්‍ර විනිශ්චයකාර ධුරයේ කටයුතු කරමින් සිටියදී වෙනත් වැඩබලන අගවිනිසුරුවරයකු පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් යැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා දිනපතා පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වැඩිදුරටත් පැවසූ‍වේ “අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ විධිවිධාන සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 වැනි වගන්තියේ. ඒ අනුව අගවිනිසුරු ධුරය දරන්නා විදේශගත වුවහොත්, හෝ ධුරයේ කටයුතු කරගෙන යෑමට නොහැකි වන සේ දුබලතාවයක් මතුවුවහොත් හෝ ඉල්ලා අස්වුණොත් හෝ පමණයි කෙටි කාලයකට වැඩබලන අගවිනිසුරුවරයකු පත් කරන්න ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ.

වර්තමාන අගවිනිසුරුවරියට එල්ල වී ඇති සියලු චෝදනාවලට තමන් නිර්දෝෂී යැයි පැහැදිලි ප්‍රකාශයක් ඇය විසින් කර තිබෙනවා. එම නිසා 107 (11) ව්‍යවස්ථාව යටතේ අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කරන තෙක් වැඩබලන අගවිනිසුරුවරයකු පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

අගවිනිසුරු ධුරයෙන් පහ කිරීමේ චෝදනා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (අ) යටතේ සඳහන් වෙනවා. එහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා චෝදනාවට ලක්වූ පුද්ගලයා වැරැදිකරු වනතාක් අදාළ චෝදනා පිළිබඳ පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතුයි කියලා.

එහෙත් එම සදාචාරසම්පන්න ක්‍රමවේදයට පටහැනිව ඒ සියලු චෝදනා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරලා තිබෙනවා.

අවසානයේ මේ සියලු චෝදනාවලින් අගවිනිසුරුවරිය නිවැරැදි යැයි ඔප්පු වුවත් ඉන් අධිකරණයට හා එහි විශ්වසනීයත්වයට වූ හානිය අතිමහත්” යනුවෙනි.

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට

මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක

දෝෂාභි‍යෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට

ප්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD

අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්‍රහාරයක්

දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD

දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්‍රනාන්දු

දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට

අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ

දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි

ආණ්ඩුවේ හත්දෙනා මෙන්න..

චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි

කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා

මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි

අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්‍ය උගුලක්

අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්

විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා

ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ

 

විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්