විශේෂ කාරක සභාවට ජවිපෙන් නියෝජිතයෙකු නම් කරයි

අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නියෝජිතයෙකු පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කළ බව සඳහන් කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත පළවේ.

“විශේෂයෙන්ම මෙම තීරණය අප විසින් ගනු ලැබූවේ දෝෂාභියෝග යෝජනාව හා එය ඉදිරිපත් කිරීමේ අරමුණු පිළිබඳව කරන ලද පුළුල් අධ්‍යයනයකින් පසුවය. ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද මෙම දෝෂාභියෝග යෝජනාව සද්භාවයකින් ඉදිරිපත් කළ එකක් නොවන බවත් අගවිනිසුරුවරියගෙන් පළිගැනීම සඳහාත් අධිකරණය තමන්ට අවශ්‍ය ලෙස හීලෑ කර යටත්කර ගැනීම සඳහාත් ගෙනඑන ලද්දක් බවත් පැහැදිළිය. එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානිකරන මෙම තත්වය පරාජය කළ යුතුව තිබේ. යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතුව තිබේ. අප මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නියෝජිතයෙකු සහභාගි කරවන්නේ එම අරමුණෙනි.

මේ අනුව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා අප මන්තී‍්‍ර කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් සහෝදරයා නම්කළ බව මෙයින් දන්වා සිටිමු.”

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ

අධිකරණය සම්බන්ධ ප‍්‍රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

දෝෂාභියෝග ක‍්‍රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට

මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක

දෝෂාභි‍යෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට

ප්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD

අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්‍රහාරයක්

දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD

දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්‍රනාන්දු

දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට

අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ

දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි

ආණ්ඩුවේ හත්දෙනා මෙන්න..

චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි

කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා

මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි

අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්‍ය උගුලක්

අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්

විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා

ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරුවරිය ඉවත් වේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්