සෙලින්කෝ ව්යාපාරයට අයත් ආයතන කිහිපයක් වන ගෝල්ඩන් කී ක්රෙඩිට් කාඩ් සහ ශ්රීරාම් යන සමාගම්වල මුදල් තැම්පත්කරුවන්ගේ නඩුව විසඳීමට මින් ඉදිරියට තමා ඉදිරිපත් නොවන බව අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අද (12) විවෘත අධිකරණයේදී ප්රකාශ කර තිබේ.
මෙම නඩුව කඩිනමින් විසඳන ලෙස ඉල්ලා තැන්පත්කරුවන් තමාට ලිපි එවා තිබූ බවත්, මෙම නඩුව විභාග කිරීම සඳහා සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉල්ලා සිටි බවත්, අගවිනිසුරුවරිය අධිකරණයේදි පවසා ඇත.
මෙම නඩුව සමථයකට පත් කිරීම ඉතා ආසන්නව ඇතත් දැනට උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් අදාළ නඩු විභාග කිරීමට තමාගේ කැමැත්තක් නොමැති බැවින් එයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බවත් ඇය පවසා තිබේ.
ඉදිරියේදී මෙම නඩු විභාග කිරීම සඳහා පත් කෙරෙන, විනිසුරු මඩුල්ලට තමාගේ නම සදහන් නොකරන ලෙස ශ්රේෂ්ඨාධිකරණයේ ලේකඛාධිකාරීවරයාටද අගවිනිසුරුවරිය නියෝග කර ඇත.
මින් ඉදිරියට මෙම නඩු විභාග කිරීමට නිමල් ගාමිණි අමරතුංග, කේ. ශ්රීපවන්, සහ සත්යා හෙට්ටිගේ යන විනිසුරු මඬුල්ල ක්රියා කරනු ඇතැයිද දෙසැම්බර් 04 වැනි දිනට නඩුව කල් තබන බවද අගවිනිසුරුවරිය ප්රකාශ කර ඇත.
මුලින් මෙම නඩුව විභාග කරමින් සිටි ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය විසින් ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වෙත මෙම නඩුව විසඳීමට පැවරූ නිසා අගවිනිසුරුවරිය මෙම නඩුව විසඳීමට ඉදිරිපත් වී තිබේ.
ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්
දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ආපසු හැරවිය යුතුයි – PMD
දෝෂාභියෝගය ගෙන එන්නේ විෂමාචාර නිසා නොවේ – අරුන්දික ප්රනාන්දු
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට
අගවිනිසුරුවරිය නෙරපීමේ කටයුතු ඇරැඹේ
දෝෂාභියෝගයේ චෝදනා බොරු බව තහවුරුයි
චෝදනා සියල්ල සම්පූර්ණයෙන් බිඳ හෙළිය හැකියි
කාරක සභාව ගැන කතානායක සමග තවදුරටත් සාකච්ඡා
මැති ඇමැතිවරුන් 37ක් පසුපස බුද්ධි අංශ රිංගයි
අගවිනිසුරුවරිය කොටු කිරීමට ආණ්ඩුවෙන් මාධ්ය උගුලක්
අගවිනිසුරුවරිය චෝදනා දෙකකින් දැනටමත් නිදහස් – විජිත හේරත්
විශේෂ කාරක සභාවගැන ජවිපෙ ස්ථාවරය ඉදිරියේදී කියනවා – ටිල්වින් සිල්වා









