SOFTWARE අයිතිය කාටද ?

වර්තමාන ලෝකයේ නැතුවම බැරි මෙවලමක් වී තිබෙන පරිගණකයට සම්බන්ධ බුද්ධිමය දේපළ අයිතිය පිළිබදව නව මානයක කරුණු අනාවරණය කළ සම්මන්ත්‍රණයක් පසුගිය 28 වනදා සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන ලදී.

”SOFTWARE අයිතිය කාටද ?” යන තේමාවෙන් එම සම්මන්ත්‍රණය පවත්වන ලදී. විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, A2K සංවිධානයේ සාමාජික ආචාර්ය දිලීප විතාරණ මහතා සහ ඇක්වයිනාස් විද්‍යාලයේ පරිගණක උපදේශක ජයනෙත්ති මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක යන මහත්වරුන් මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වීය.

පරිගණක මෘදුකාංග හෙවත් SOFTWAREවල අයිතිය බුද්ධිමය දේපලක් ලෙස සමාගම් වෙත පවරා තිබීම නිසා සමාජ සංවර්ධනයේදී බරපතල පසුබෑම් සිදුවී ඇති බව මෙහිදී දේශකයන් විසින් පෙන්වා දෙන ලදී. අයිතිය සතු සමාගම් වලට ඉතා ඉහළ මිලක් ගෙවීමෙන් මෘදුකාංග ලබාගැනීම සමාන්‍ය ජනතාවට සහ පර්යේශකයන්ට කිසිසේත් කළ නොහැකි බව එහිදී අවධාරණය කෙරිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්