
පසුගිය 21 වනදා රජයේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දියත් කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය මෙහෙයවූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. සෞඛ්ය අමාත්යාංශය විසින් මෙම පියවර ගෙන ඇති බව වෘත්තීය සමිති 11 කින් සමන්විත ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.
මෙසේ වැඩ තහනමට ලක් කර ඇති සේවකයන් සිවුදෙනා ඉදිරි දින දෙක ඇතුළත දී සේවයෙහි පිහිටුවීමට පියවර නොගන්නේ නම් දීප ව්යාප්ත වැඩවර්ජනයක් කරා යොමු වන බව එම කමිටුව කියා සිටී.









