යතුරුපැදියෙත් බද්ද ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ දමා තිබේ.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, 2009 වර්ෂයේ සිට  මෙරට මෝටර් රථ ආනයනය ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් මාර්ග තදබදය සහ ඉන්ධන සඳහා වන ඉල්ලුම වැඩිවීමත් සලකා එකී වියදම් අඩු කර ගැනීමේ අරමුණින් අදාළ සංශෝධන කළ බවයි.

කෙසේ වෙතත් කෘෂිකාර්මික ට්‍රැක්ටර් බස් රථ ලොරි සහ ට්‍රක් රථ සඳහා පවත්නා බදුවල කිසිදු වෙනසක් සිදුනොකරන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්