අධිකරණයට එරෙහි ප්රහාර හෙළාදකිමු! ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසෙමු! යන තේමාව යටතේ වත්මන් ආණ්ඩුව අධිකරණයට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පාගමනක් අද(05) සවස කොළඹ උසාවි සංකීර්ණය අසලින් ආරම්භව කොටුව දක්වා පැමිණ විරෝධතා දැක්වූහ. මෙම පෙළපාලිය ප්රජාතන්ත්රවාදය සදහා ජනතා ව්යාපාරය විසින් සංවිධානය කළ අතර ඊට දහස් ගණනක සෙනගක් සහභාගී සිටියහ. නීතිඥවරුන් කලා කරුවන් වෘත්තීය සමිති නායකයන් ඊට සම්බන්ධ වූහ.
අධිකරණයට එල්ල කර ඇති දෝෂාභියෝගය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි දෝෂාභියෝගයක් ලෙස ආපසු හැරවිය යුතු යැයිද, එසේ හැරවිය හැකි යයිද කොටුවේ පැවැති විරෝධතා රැස්වීම ඇමැතූ ජවිපෙ පා.ම. අනුර දිසානායක මහතා පවසමින් ඊට පක්ෂ පාඨ බේද වලින් තොරව සහාය ඉල්ලා සිටියෝ ය. මෙහිදී ජනතා නීතිඥ සංගමයේ නීතිඥ සුනිල් වටගල, සෞන්ධර්ය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්රගුප්ත තේනුවර, නීතිඥ චමින්ද ගුණසේකර යන මහත්වරුන්ද අදහස් දැක්වීය.










ආශ්රිත පුවත්
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්රණයක – අනුර
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?
ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කතානායකට භාරදෙයි
ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි – ජවිපෙ
අධිකරණය සම්බන්ධ ප්රශ්නයේදී එජාපය සිටින්නේ දෙබිඩි පිළිවෙතක – අනුර
දෝෂාභියෝග ක්රියාවලිය ඉවත දමා වහාම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනු ! – IHR
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එක්සත් ජාතීන් හමුවට
මගේ අම්මා අවසන් හුස්මපොද දක්වාම සටන්කරාවි – ශවීන් බණ්ඩාරනායක
දෝෂාභියෝගය හරහා ඇමරිකා එ. ජ.ය ලංකාව දෙසට
ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරයෙන් විශේෂ මාධ්ය හමුවක්
අධිකරණයෙන් ජනතාවට ලැබෙන රැකවරණය ඉතාම ඉක්මනින් අහිමිවිය හැකියි – PMD
අගවිනිසුරුවරියට දැවැන්ත මඩ ප්රහාරයක්









