බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි හෙට සිට

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි හෙට සිට

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රථ වාහන තදබදය අවම කිරීමේ අමුණින් පසුගිය පාලන සමයේ ක්‍රියාත්මක කළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය හෙට (14) සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.

මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරයි.

මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බවද ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn