කිසියම් පිරිසක් විසින් තිස්සමහාරාම විලමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 30ක කඩොලාන පරිසර පද්ධතියක් නීතිවිරෝධී ලෙස විනාශ කර ඇති අතර ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් කිරින්ද පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
කිරින්ද පොලිස් ස්ථානාධිපති M.L.B. රංජිත් මහතා සහ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර, කඩොලාන පද්ධතිය විනාශ කරමින් සිටි සැකකටයුතු ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම, අක්කර 30කට ආසන්න ප්‍රමාණයක කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කිරීමට භාවිතා කරමින් සිටි ජේසීබී යන්ත්‍රයද අත් අඩංගුවට ගෙන ඇත.
“අපි එම ස්ථානයට පැමිණෙන විට, ඒ වන විටත් කපා දමා ගොඩ ගසා තිබූ කඩොලාන ගොඩවල් කිහිපයක් නිරීක්ෂණය වුනා. 2004 වසරේ සුනාමියෙන් පසුව, විලමුල්ල වෙරළ තීරය සංරක්ෂණය කිරීම සඳහා කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා” යැයි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියි.
තවද, කිරින්ද පොලිසිය විසින් කරන ලද පරීක්ෂණ කටයුතුවලදී සැකකටයුතු ව්‍යාපාරිකයා සිය සංචාරක හෝටල් ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා එම ප්‍රදේශය එළි පෙහෙළි කරමින් සිටි බව අනාවරණය වී තිබේ.
මෙම ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පොහොසත් වන අතර විවිධ පක්ෂීන් හා පෘෂ්ඨවංශීන් වාසය කරන සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ප්රදේශයකි.
මේ අතර අදාළ බලධාරීන් විසින් මෙම ප්‍රදේශය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් කනස්සල්ල පළ කර සිටිති.










