20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්ද කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.
එය සාමාජිකයන් 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් වන අතර පසුගිය 10 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරු අයත් වෙති.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින අදහස්, යෝජනා ගැන පුළුල් ලෙස අධ්‍යයනය කොට වාර්තාවක් සැකසීම මෙම සත් පුද්ගල කමිටුවේ ප්‍රධාන වගකීම වේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවල අදහස්ද මෙම කමිටුවේදී සාකච්ඡා කළ හැකිය.
සති දෙකක් ඇතුළත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් වන මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට තිබූ වගන්ති පවා මෙම 20 වන සංශෝධනය මගින් ඉතා සියුම් ලෙස ඉවත් කර ඇති බවට මේ වනවිටත් ආණ්ඩුවට චෝදනා එල්ලවෙමින් තිබේ.
එමෙන්ම ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභාවල බලය ශුන්‍ය කිරීම සහ ජනාධිපතිවරයා වෙත බලය ඒකරාෂී කර තිබීම සම්බන්ධයෙන්ද මේ වනවිට පක්ෂ විපක්ෂ චෝදනා ආණ්ඩුව වෙත එල්ල වෙමින් තිබේ.
20වන ආණ්ඩුක්රව ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් කිරීමෙන්ද පසු එහි ඇති අඩුපාඩු සෙවීමට අග්‍රමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කිරීම විශේෂිත සිදුවීමකි.










