ගව ඝාතනය තහනම් කිරීම කල් යයි

ගව ඝාතනය තහනම් කිරීම කල් යයි

ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ නීතිය ගෙන ඒම කැබිනට් මණ්ඩලය විසින් මසකින් කල් දැමීමට තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරන පරිදි ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇත්තේ ගව ඝාතනය තහනම් කිරිමට අදාළව වෙනත් පාර්ශව සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිව තිබිණි.

Facebook
Twitter
LinkedIn