ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට තමන් කැමතිනම් අඩ වැටුප් ගෙවා නිවාඩු ලබා දීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව වැටුප් අඩක් සහිතව නිවාඩු ලබා නිවසේ සිටීමට හෝ සාමාන්‍ය පරිදි සේවයේ යෙදීමට කැමැත්ත සඳහන් කර මේ මස 15 වැනිදා පස්වරු 1 ට පෙර පරිපාලන හා මානව සම්පත් අංශය වෙත අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා කාර්යංශයේ සාමාන්‍යධිකාරිවරයා විසින් අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවක් මේ වනවිට සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත යවා ඇත.
ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා තෙක් මෙසේ අඩ වැටුප සහිත නිවාඩුව ලබා දෙන බව කාර්ය මණ්ඩල වෙත යවා ඇති උපදෙස් පත්‍රිකාවේ දන්වා ඇති අතර කාල සීමාව තුළ අඩ වැටුපට සාපේක්ෂව පමණක් සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සඳහා දායකත්වය ලබා දෙන බවද එහි සඳහන් කර ඇතැයි පැවසේ.
එමෙන්ම කාර්යංශයෙන් ලබාගෙන ඇති ණය මුදල්වල වාරික අඩ වශයෙන් අය කර ගැනීම සිදුකරන බවත් අඩ වැටුප් ලබා නිවාඩු ලබා සිටීම හේතුවෙන් සේවා කාලය ඛණ්ඩනය නොවන බවත් වෘත්තීය ජීවිතයේ උසස් වීම් හා වෙනත් ප්‍රතිලාභවලට බාධාවක් නොවන බවත් එහි සඳහන් ව ඇතැයි පැවසේ.
ස්ථිර සේවයේ යෙදෙන නිලධාරින්ට මෙම නිවාඩුව සඳහා ඉල්ලුම් කළ හැකි අතර කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදෙන කාර්ය මණ්ඩල සඳහා අදාළ නොවන බවත් ප්‍රසූත නිවාඩු, ප්‍රසූත අඩවැටුප් නිවාඩු හෝ වෙනත් අනුමත වැටුප් සහිත නිවාඩු ලබා සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා මෙම වැඩපිළිවෙළ අදාළ නොවන බවද එම උපදෙස් පත්‍රිකාවේ සඳහන්ව ඇතැයි පැවසේ.
මේ අතර කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් තාවකාලිකව වසාදැමීමටද කටයුතු කරමින් සිටින බවත් පවතින කොවිඞ් 19 වසංගත තත්වය හමුවේ කාර්යංශයේ ආදායම අඩුවීම හේතුවෙන් මෙවැනි වැඩ පිළිවෙළ කිහිපයක් යෝජනා වී ඇති බවත් තවමත් මේවා යෝජනා මට්ටමේ පවතින බවත් මෙම අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවට අත්සන් තබා ඇති, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.එම්.ඊ වන්සේකර මහතා මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
මෙම යෝජනා අධ්යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඉදිරිපත් කර නැති බවත් යෝජනා මට්ටමේ පවතින අතර එහි තත්වය සළකා බලා ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න තීරණය කරන බවත්, ආයතනයේ අනාගතය වෙනුවෙන් මෙවැනි සමහර තීරණ ගත යුතුව ඇත් බවත් සාමාන්‍යධිකාරිවරයා මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මූළාශ්‍ර ලංකාදීප










