බිත්තර මිල ඉතා අධික ලෙස ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදන සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදෙන්නැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලිමක් කර තිබේ.
බිත්තර තොග මිල රුපියල් 22ක් තරම් ඉහළ මිලකට පත්ව තිබීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ මේ සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (07) සාකච්ඡා කර ඇති අතර එහිදී කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩී. එම්. එස්. දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් පසු බිත්තර මිල රුපියල් 2කකින් අඩුකර පවත්වාගෙන යාමට එකඟතාවයකටද පැමිණ ඇත.










