සෞඛ්‍ය හේතු මත තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජපාන අගමැති ෂීන්සෝ අබේ පවසයි. තම ධූර කාලය නිම කිරීමට නොහැකි වීම පිළිබඳ ව ජපාන ජනතාවගෙන් සමාව අයදින බව පැවසූ ඔහු, අසනීපය නිසා තම රාජකාරියට බාධා එල්ලවීම ට තමා අකමැති බව පැවසීය.
65 හැවිරිදි අබේ, වසර කිහිපයක සිට බඩවැල් වල ඇතිවී ඇති ආබාධයක් හේතුවෙන් විටින් විට අසනීප වූ අතර මෑතක සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ වී තිබේ.
ජපාන අගමැතිධූරය දීර්ඝ ම කලක් දැරූ පුද්ගලයා බවට පසුගිය වසරේ පත්වූ ඔහුගේ ධූර කාලය 2012දී ඇරඹිණි.
Views: 0










