විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.
එම කාන්තාව පසුගිය ජුලි මස 31වන දින ඩුබායිහි සිට ලංකාවට පැමිණ ඇති අතර වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්ව තිබේ. එහිදී සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණවල දී ඇය කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ.
පසුව අගෝස්තු 15 දින ඇය සිය නිවසට පැමිණ ඇති අතර නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකට අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
23 හැවිරිදි ගැබිනි කාන්තාවක් වන ඇය මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
Views: 0










