කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ පක්ෂග‍්‍රාහී මැදිහත්වීම නතර කරන්න

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ පක්ෂග‍්‍රාහී මැදිහත්වීම නතර කරන්න

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ පක්ෂග‍්‍රාහී මැදිහත්වීම් නතර කර රෝහලේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත ලිපියක් යොමු කර තිබේ.

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති, නීතිවේදී සමන්ත කොරලේආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

2020.04.09

ගරු සෞඛ්‍ය ලේකම්තුමිය,

සෞඛ්‍ය අමාත්‍යාංශය,

කොළඹ 10.

ලේකම්තුමියණි,

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ පක්ෂග‍්‍රාහී මැදිහත්වීම් නතර කර රෝහලේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑමට මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් රෝහලේ කාර්යය මණ්ඩලයේ ඇතැම් ශ්‍රේණි සදහා විශේෂ වරප‍්‍රසාද ලබා දෙන බවත් ඇතැම් ශ්‍රේණි සදහා පක්ෂග‍්‍රාහී ලෙස කටයුතු කරන බවත් එමගින් රෝහල තුල ශ්‍රේණීන් අතර භේද වන තත්වයක් ඇති වී තිබෙන බවත් අප වෙත වාර්ථා වී තිබේ.

තවද, විධිමත් වැඩපිළිවෙලකින් තොරව අධ්‍යක්ෂකවරයාට පක්ෂපාතීය අය විසින් කරනු ලබන යෝජනා පමණක් ක‍්‍රියාත්මක කරමින් අනෙකුත් කාර්ය මණ්ඩල නොසලකා හැරීම නිසා මේ තත්වය උදාවී ඇති බවද අප වෙත වාර්ථා වේ. මේ තත්වය වහාම වෙනස් කර සියළු කාර්යය මණ්ඩලවලට අසමාන තත්වයක් ඇති නොවන ආකාරයටත් ඔවුනට ගෞරවනීය ලෙස තම සේවය ඉටු කිරීමටත් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත් එම සුවිශේෂී තත්වය යටතේ සියළු කාර්ය මණ්ඩලවල සේවය නිසිපරිදි සැපයීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීමට අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,

සමන්ත කොරලේආරච්චි (නීතිවේදී),

සභාපති.

පිටපත් 1. අධ්‍යක්ෂක, ශීක්ෂණ රෝහල, කුරුණෑගල.

  1. සියළුම ජනමාධ්‍ය.
Facebook
Twitter
LinkedIn