ශවෙන්ද්‍ර සිල්වාගේ උසස් කිරීම ගැටළු සහගත බව ජගත් සංවිධානයෙන් නිවේදනයක්

ශවෙන්ද්‍ර සිල්වාගේ උසස් කිරීම ගැටළු සහගත බව ජගත් සංවිධානයෙන් නිවේදනයක්

නව යුධ හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ එම උසස්වීම බරපතල ප්‍රශ්නකාරී තත්වයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලට් මහත්මිය සඳහන් කර තිබේ.

ඊයේ(20) දින නිවේදනයක් නිකුත් කරමින් ඒ මහත්මිය දක්වා ඇත්තේ මානුෂික මෙහෙයුම් අවසාන අධියරේදී මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ලවී සිටින ලුතිනන් ජනරාල් ශවෙන්ද්‍රසිල්වා මහතා, යුධ හමුදාපති ධුරයට උසස් කිරීම අවධානය යොමුකළ යුතු කරුණක් බවය.

එමඟින් මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව බරපතල සෙල බලපෑමකට ලක්වන බවද මහ කොමසාරිස්වරිය සඳහන් කරයි.

මෙම පත්වීම සංහිදියා වැඩපිළිවෙල සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට එක් කිරීම සඳහා ද ගැටළුකාරී තත්වයක් ඇතිකරනු ඇති බව මහකොමසාරිස්වරියගේ අදහස වී තිබේ.

මීට අමතරව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම පත්වීම සම්බන්ධව ඇමරිකාව දැඩි සැළකිල්ලෙන් පසුවන බවය.

Facebook
Twitter
LinkedIn