ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධව කෝප් කමිටුව සිදුකරන විමර්ශන කටයුතු අද(20) දිනයේ සිට සිදුකිරීමට නියමිත බව කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කාරක සභාවේ කටයුතු පසුගිය සතියේ සිට මාධ්‍යට විවෘත කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාඟමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද දින කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත අතර එම අවස්ථාව ද මාධ්‍යට විවෘත කර ඇත.

එසේම හෙට දිනයේ ලංකා සතොස ආයතනය ද බ්‍රහස්පතින්දා දින දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ද සිකුරාදා දින විදුලිබල මණ්ඩලය ද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මීට අමතරව හෙට(21) දිනයේ සිට රජයේ ගිණුම් කාරක සභාවේ කටයුතු ද මාධ්‍යට විවෘත කිරීමට නියමිතව ඇත.

Facebook
Twitter
LinkedIn