ඝාතනය වූ සෙන්චෝලෙයි දැරියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලයි

ඝාතනය වූ සෙන්චෝලෙයි දැරියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලයි

2006 වසරේ සෙන්චෝලෙයි ළමා නිවාසයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ජීවිතක්ෂයට පත් දැරියන් 61 දෙනෙකු වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන ලෙස එම දැරියන්ගේ දෙමව්පියන් ඉල්ලා සිටියි.

2006 වසරේ අගෝස්තු 14 වැනිදා උදෑසන 7.05ට පමණ මුලතිව්හි පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද බව පැවසෙන ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එහි වාසය කළ දැරියන් 61 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබිණි.

මිය ගිය දැරියන්ගේ දහතුන් වැනි වාර්ෂික අනුස්මරණ වැඩසටහන පසුගිය 14 වැනිදා පැවති අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දැරියන්ගේ මව් පියන් සඳහන් කර සිටියේ වසර 13ක් ගතව සිටිය ද ඝාතනයට ලක්වූ තම දරුවන් වෙනුවෙන් මෙතෙක් යුක්තිය ඉටුව නොමැති බවය.

ඔවුන් පවසා සිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් සිය දරුවන් ඝාතනය වූ බවත් එවකට බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුව එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ය. ඔවුන් පවසා ඇත්තේ තමන් ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ එල්.ටී.ටී.ඊ. පුහුණු පාසලකට බවය.

Facebook
Twitter
LinkedIn