තලෙයිමන්නාරම – ඌරුමලේ ප්‍රදේශයේ අද(16) අළුයම නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය තොගය වෙරළේ සඟවා තිබියදී නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටියකට අධික බව නාවික හමුදාව පවසයි.
මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලීසිය විසින් සිදුකිරීමට නියමිතය.
Views: 0










