ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටී තිදෙනෙකු මරුට – දෙදෙනෙකුට අසාධ්‍යයි

ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටී තිදෙනෙකු මරුට – දෙදෙනෙකුට අසාධ්‍යයි

හබරණ –  දඹුල්ල මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේ ඊයේ(15) රාත්‍රී 10.00ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇතැයි හබරණ පොලීසය පවසයි.

වෑන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකි. මියගිය පුද්ගලයන් අතර වෑන් රථයේ රියදුරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු වේ. ඔවුන් පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

අනතුරින් තුවාල ලැබූ තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධව ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවණය මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn