ඇමරිකන් පුරවැසිකම ඉවත්කරගත් අගෝස්තු ලැයිස්තුවෙත් ගෝඨාගේ නම නැහැ

ඇමරිකන් පුරවැසිකම ඉවත්කරගත් අගෝස්තු ලැයිස්තුවෙත් ගෝඨාගේ නම නැහැ

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගිය දා නම්කරන ලද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය තවමත් ඉවත්කරගෙන නොමැති බව එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ අභ්‍යන්තර ආදායම් සේවය(IRS) විසින් සකස් කළ වාර්තාවක් සනාථ කර තිබේ.

පසුගිය කාර්තුවෙහි ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කරමින් IRS නිකුත් කළ වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්වී නැත.

සෑම කාර්තුවක් අවසානවීමෙන් පසු දින 30ක් ඇතුළත මෙම වාර්තාව නිකුත් කරන අතර අවසන්වරට පසුගිය අගෝස්තු 7 වැනිදා නිකුත් කරල ලද ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව නැත.

කෙසේ වෙතත් මෙරට බල පැවැත්වෙන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට මෙරට පුරවැසිභාවය තිබිය යුතු අතර ද්විත්ව පුරවැසිභාවයක් හිමි අයෙකු කිසි විටෙක අපේක්ෂකයෙකු ලෙස නොසැලකේ.

එවැනි පුද්ගලයෙකු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ඇත්නම් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව පසුගිය දා පැෆ්රල් සංවිධානය ද අවධාරණය කළේය.

අදාල ලේඛනය පහත දැක්වේ…

Facebook
Twitter
LinkedIn