මහින්දගේ මෛත්‍රීගේ 12ක් විශ්වාසභංගය මගහරියි – TNA සහායෙන් යෝජනාව පරාදයි

මහින්දගේ මෛත්‍රීගේ 12ක් විශ්වාසභංගය මගහරියි – TNA සහායෙන් යෝජනාව පරාදයි

ආණ්ඩුවය එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 92ක්ද විරුද්ධව ඡන්ද 119ක්ද ලැබී තිබේ.

එහිදී දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබා දී තිබිණි.

මන්ත්‍රීවරු 13 දෙනෙකු අද ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැත.

ඒ අතර මහින්ද රාජපක්ෂ පිල සහ මෛත්‍රීපාල සිරිසේන පිල නියෝජනය කරන 12දෙනකු සිටින  බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn