ඉන්දියානු තෙල් සමාගමද (IOC) ඉන්ධන මිල පහත දැමීමට තීරණය කර තිබේ.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ මිල පහත දැමීමට සාපේක්ෂව ලංකා ඉන්දියානු තෙල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට මිල සංශෝධනයක් සිදුකරන බව නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල රුපියල් 5 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 5 කින් අඩු කර තිබේ.
ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 144 ක් ලෙසත් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල රුපියල් 162ක් ලෙසත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 131 ලෙසත් දැක්වේ.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවූ අතර එහි මිල රුපියල් 104 ක් ලෙස දැක්වේ.
මෙම මිල සංශෝධනයේ ඩීසල් මිල ගණන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට සමාන වන අතර ඊයේ සිදුකළ මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 136 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 159ක් ලෙස දැක්වේ.










