ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අඳුරුතම දිනයක් – ජාතික විද්වත් සංවිධානය

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අඳුරුතම දිනයක් – ජාතික විද්වත් සංවිධානය

අද(21) දින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව ශ්‍රී ලාංකීය ජනතාව අතිශය සංවේගයට සහ ලැජ්ජාවට පත්කළ සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික විද්වත් සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුලේ ඥාතීන්ට සිය සංවිධානයේ කණගාටුව ප්‍රකාශ කර සිටින බව ජාතික විද්වත් සංවිධානය පවසයි.

එසේම එම සංවිධානය තරයේ පවසා ඇත්තේ ආගමික හෝ දේශපාලන ප්‍රචණ්ඩත්වය විසින් කිසිම ප්‍රජාවකට අත්කර දෙන කුමන හෝ ජයග්‍රහණයක් නොමැති බවයි.

එසේම මෙම අනුවේදනීය අවස්ථාව දේශපාලන අභිමතාර්ත හෝ ජාතිවාදී, ආගම්වාදී හෝ සහජීවනයට බාධාවන හෝ අවස්ථාවාදී ක්‍රියා වෙනුවෙන් යොදා නොගන්නා ලෙස ද ජාතික විද්වත් සංවිධානය පවසා සිටියි.

එසේම සිදුවීම සම්බන්ධව පුරවැසියන් ගේ ආරක්ෂාවත් නීතියේ ආධිපත්‍යයත් තහවුරු කරන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් සාමකාමීව සහ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම සංවිධානය පවසයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළවේ…

Facebook
Twitter
LinkedIn