බක් පුර පසළොස්වක පොහෝදිනය සහ මහ සිකුරාදා දිනය අදට(19) යෙදී තිබේ.
බුදුරජානන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවූ බවට සැළකෙනුයේ බක් පොහෝ දිනයට ය. චූලෝදර මහෝදර නාරජුන් දෙදෙනාගේ ගැටුම සමතයකට පත්කිරීමට බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
එසේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමේ දුක්ඛප්‍රාප්තිය සිදුවූ මහ සිකුරාදා දිනය ද අදට යෙදී ඇත.
කිතු සමිඳුන් සිය ජීවිතය කුරුසිය මත පූජා කළ තුන්පෑ ධ්‍යානය අද සෑම දෙව්මැදුරකදීම පැවැත්වේ.
සිය එදිනෙදා දිවි පැවැතුම්හි සැප විහරණ අවස්ථාවන්ගෙන් වැළැකී බැතියෙන් පාස්කු සමය ගත කරන කිතුනුවන්ගේ විශේෂිතම දිනය ලෙස මහ සිකුරාදා සැලකෙයි.
Views: 0










