ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් විසින් ඩුබායි හි සංවිධානය කරන ලද සාදයකට සහභාගීවී සිටියදී නදිමාල් පෙරේරා, අමල් පෙරේරා ඇතුළු පිරිසක් ඩුබායි පොලීසිය විසින් පසුගිය පෙබරවාරි මස 5 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.
නදිමාල් පෙරේරා පසුගිය මාර්තු 27 වැනිදා ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු මීට ඉහත අවස්ථාවක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට ප්‍රකාශ ලබා දී තිබිණි.
Views: 0










