මධ්‍යම කඳුකරයට මේ වනවිටත් විටින් විට ඇද හැලෙන ධාරානිපාත වර්ශාව හේතුවෙන් හැටන් නගරයේ සහ ඒ අවට මාර්ග රැසක් ජලයෙන් යටව පවතී.
මේ හේතුවෙන් රථ වාහන ධාවනයට ද භාදා එල්ලවී ඇති අතර ව්‍යාපාරික ස්ථාන සහ මගී ජනතාව අසීරුතාවයට පත්ව තිබේ.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් මල්ලිඅප්පු ප්‍රදේශයේදී ජලයෙන් යටවීම හේතුවෙන් දිගු වේලාවක් ගමනාගමනයට භාදා එල්ලවෙමින් ඇත.
අවුරුදු නිවාඩුවට ගම්බිම් බලාගිය ජනතාව නැවත සිය වැඩබිම් පැමිණෙමින් තිබියදී මෙම ස්වභාවික ආපදා තත්වය ඇතිවීමෙන් ඔවුන් මහත් අපහසුතාවයට පත්ව ඇත.
මීට අමතරව අද(17) මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, උතුරුමැද සහ බස්නාහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ අනාවැකි පල කරයි.
වැසි තත්වයත් සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි අතර ප්‍රභල අකුණු අනතුරු ද ඇතිවිය හැක.
මේ හේතුවෙන් ජනතාව ආරක්ෂාකාරී පියවර අනුගමනය කළයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පැවති වියලි කාලගුණයෙන් පසු ඇද හැලෙන ධාරානිපාත වර්ශාව හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු වලක්වා ගැනීමට කටයුතු කරන්නැයි ආපදා කළමණාකරණ අංශ ජනතාව දැනුවත් කර සිටියි.










