ලන්ඩනයේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ගැන මෙරටට කිසිවක් දැනුම්දී නැහැ

ලන්ඩනයේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා ගැන මෙරටට කිසිවක් දැනුම්දී නැහැ

ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් රෙටට දැනුම් දීමක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

තහනම් සංවිධානයකට අයත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පසුගියදා ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් මොවුන් ශ්‍රී ලාංකිකයින් බව පැවසුවද ඒ සම්බනධයෙන් කිසිදු තොරතුරක් මෙට්රොපොලිටන් පොලීසිය විසින් එරට තානාපති කාර්යාලයට ලබා දී නොමැති බවද මෙම ශ්‍රී ලාංකකියින් බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මොවුන් සිවි දෙනා පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි තිබූ අතර ඊට පසුදින එනම් 11 වනදා ඔවුන් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ අනුව ඔවුන් මේ වනවිට එංගලන්තයේ බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn